Wednesday, January 25, 2012
ඇනෝනිමස් සහ සිංහල බ්ලොග් වලි (අභීත & දිල්)
අභීත සහ දිල් අතර ඇති වූ යම් මත ගැටුමක් (මෙය උත්සන්න කිරීමට ඇනෝනිමස් ප්‍රයත්නයක් නිසා ඇතිවූ ගැටලු) නිසා ඇති වූ තත්වය මේ ලිපිය ලියවිණි. මෙය ලියවෙන විට දිල්ගේ බ්ලොග් අඩවිය වසා දමා ඇත.
බහුතරයක් සිංහල බ්ලොග් ඇත්තේ Blogger අඩවියේ නිසා මේ ඇනෝනිමස් මෙන්ම Name/URL පහසුව එහි බොහෝ ගැටුම් ඇති කරන්නට හේතු වී ඇත. විශේෂයෙන්ම විවාදාත්මක ලිපිවලට ලැබෙන ඇනෝ කමෙන්ට් හරහා මෙම තත්වය උත්සන්න වෙයි. බොහෝ බ්ලොග්කරුවන් සලකන්නේ ඇනෝ යනු සිය නමින් ඒමට අකැමැති කොන්ද පණ නැති පිරිසක් ලෙසයි. නමුත් ඔවුන් අමතක කරන එක් ප්‍රබල කාරණයක් වන්නේ ඇනෝ ලෙස එන්නේද සිංහල බ්ලොග්කරුවන්ම බවයි. සිංහල බ්ලොග් අවකාශයේ 90% දෙනාම සිය නියම අන්‍යන්‍යතාවයෙන් පෙනී නොසිටින බැවින් එහි ඇති ගැටලුවක් නොමැත. වෛශ්‍යාවක් නොවේ යන අඩවිය ලියන්නා/ලියන්නියට මෑත කාලයේ ඇති වූ ඇනෝ කමෙන්ට්ස් තත්වය තවත් නිදසුනකි.
ඇනෝනිමස් යනු සත්‍ය වශයෙන්ම ප්‍රබල අවියකි. නියම අදහස සදාචාරයේ කුහක සළුපිළි වලින් නොවසා එළියට එන්නෙ ඔවුන් තුලිනි. එකිනෙකාගේ පිට කසා ගන්නා සිංහල බ්ලොග්කරුවන් ගැන නියම අදහස්/විවේචන එන්නේද ඇනෝ වෙතින් නොවේ නම් වෙන කාගෙන්ද? හිත රිදෙනවාට බයෙන් හැම පෝස්ට් එකකටම "හොඳයි හොඳයි" යනුවෙන් කමෙන්ට් නොදමා සත්‍ය අදහස ඇනෝ නමින් දෙන උදවියට අප ගෞරවය පුද කළ යුතුය. ඇතැම් විට බ්ලොග් නොලියන නිහඬ පාඨකයන්ද සිය අදහස් දැක්වීමට ඇනෝනිමස් පහසුකම යොදා ගනී. බ්ලොග් ලිපියක් වඩාත් සජීවී කතිකාවතක් බවට පත්වීමට මෙය මහත් රුකුලකි. ඇතැම් විට කිසිවෙකුත් නොසිතූ පැත්තකට සාකච්ඡාව ගෙන යාමට එය සමත් වේ. විශේෂයෙන් දේශපාලන බ්ලොග්කරුවන්ට ඇනෝ යනු මහත් සම්පතකි. බ්ලොග් අවකාශය වඩාත් රසවත් තැනක් කිරීමට ඉවහල් වූ ඇනෝනිමස් ආතල් අඩවියද මෙහිදී සඳහන් කළ යුතුය.
නමුත් මෙම ඇනෝ පහසුකම සිය පහත් ආශාවන් සපුරා ගැනීමට යොදා ගන්නා කිහිප දෙනෙක් සිටී. මගේ මතය නම් මේ පිරිසද සිංහල බ්ලොග්කරුවන්ම බවයි. ඔවුන් තමන්ගේ හොඳ නමට කැළලක් ඇතිවන නිසා ඇනෝ නමින් ඇවිත් කමෙන්ට් දමා (බොහෝවිට කුණුහරුප) අවුල් ජාලයක් ඇති කරති. නමුත් එයින් පසු අදාල ලිපිය ලියූ බ්ලොග්කරුවා/කාරිය "ඒවාට මම සැලෙන්නෙ නෑ ඒත් මගේ හිත රිදුණා" යනුවෙන් පෝස්ට් එකක් දමන අතර නැවතත් එහි "ඕවා ගණන් ගන්න එපා" යනුවෙන් පිට කැසීමට බ්ලොග්කරුවන් රොඳ බඳිති. විශේෂයෙන්ම කාන්තා බ්ලොග් ලියන්නියන් අතර මේ තත්වය බහුලව දැකිය හැක. අතීතයේ මෙන්ම අනාගතයේදීත් මෙය සිදුවනු ඇත.
කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශය වඩාත් සජීවී තැනක් කිරීමට ඇනෝනිමස් පහසුකම හේතු වී ඇත.
විවාදාත්මක දෑ ලියන්නේ නම් විවාදාත්මක ප්‍රතිචාර බලාපොරොත්තු වන්න.
Subscribe to:
Post Comments (Atom)

අනෝ කමෙන්ට් ගැන ඔබේ අදහසට 100%ක් එකඟයි , මාත් මේ ගැන ලිපියක් ලියන්න පටන්ගත්තා විතරයි (බ්ලොග් අවකාශයේ ඇනෝ භීතිකාව නමින් ) දැන් ඒක අවශ්‍ය නැහැ කියල හිතෙනවා . ඇනෝ කමෙන්ට් එකකින් තමන්ට ප්‍රභල අභියෝගයක් එල්ල වුනාම ඇනෝගේ කොන්ද ගැන හොයන එක පුරුද්දක් වෙලා . සමහර බ්ලොග් අඩවි වල ඇනෝ කමෙන්ට් බ්ලොක් . ඊට පස්සේ තමන්ට හිතවත් අයගෙන් එන යහපත් ප්‍රතිචාර එක්ක විතරක් තනියෙන් ආතල් ගන්නවා .ලිපියකට කෙමෙන්ට් දාන්න ගිහින් එකට කන බොන මිතුරන්ව තරහ කරගන්න අකමැති නිසා ශේප් වෙලා යන කමෙන්ට් ඕනි තරම් දකින්න පුලුවන් . මගේ අදහසත් විවාද සම්පන්න දෙයක් ලියනවා නම් ඇනෝ අදහස් වලටත් ඉඩ දෙන්න , ඇනොගේ කොන්ද ගැන නෙවෙයි අදහස ගැන හිතන්න . ඇනෝ ඇවිත් කුණුහරුප (මාතෘකාවට අදාල නොවන විකාර ) ලියන තත්ව්යක් තියනව නම් කමෙන්ට් මොඩරේශන් කරන්න හැකියාව තියනවා . බුවාගේ සිතුවිලි ඇතුලු මම ලියන ඕනිම බ්ලොගයක් එදත් අදත් හෙටත් ඇනෝලාට විවෘතයි !
ReplyDeleteබුවා, ඇනෝනිමස් භීතිකාව ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමැතියි. ඒ ලිපිය පළ කරන්න.
Deleteදැනට භාගෙට ලියල තියෙන්නේ ,හවස් වෙන කොට පල කරන්න පුලුවන් වෙයි .
Deleteජීවිතේ පළමු වතාවට බුවා කියපු දේකට එකග වෙනවා .... අදහස දක්වන මනුස්සයගේ තොරතුරු වලින් ඇති වැඩේ මොකක්ද (කරදර කාරී හෝ අසබ්ය දේවල් දන්නේ නැත්තම් ) මම කහටගස්දිල්ලියේ ජයන්ත අමරනාත් කියල comment එකක් දැම්මොත් එක ඇත්තද බොරු ද කියල හොයන්නේ කොහොමද? නමින් comment දන්නා කියන එක එක්තරා ආකාරයකට internet censorship එකක් නෙවි ද ?
Deleteවැදගත් වෙන්නේ මතුකරන අදහස නොවේ ද ?
ඇයි අප්පා අනික් කියන එකක් වත් එකඟ වෙන්න බැරි එව්වද ? , එකඟ වෙන්න බැරි ඒවට බැනලවත් ගියා නම් එකඟ වෙන්නේ නැය කියල දැනගන්නවනේ
Deleteබුවා, බුරා වැනි සියල්ලන්ම ඇනෝලාය. එහෙත් නොන් ප්‍රොෆයිල් ඇනෝලා බහුතරය හුදු ආතල් දෙන්නන් පිරිසක් පමණි!
Deleteඋප ශාන්තලා වැනි සිංහ වෙස් ගත් ශාන්ත මීයන් හඳුනාගැනීම අගනේය. මට බ්ලොග් තුනක් ඇත. එකක් ටෙක්නිකල්ය. ඒත් මම වැඩිපුර එන්නෙ ඇනෝය. ඒ මගේ කැමැත්ත. හැබයි සිංහ වෙස්ගත් උපශාන්තලාට කට උත්තර නැතිවෙන පුරස්න දමා උන්ගේ ආතල් කැඩීම තරම් ජොලියක් මට නම් තවත් නැත.
Deleteලිපිය කියවන්න උනේ අද..... ලිපියක ලියන දේ හරි හෝ වැරදි හෝ වේවා එහි වගකීම ලියන්නා විසින් දැරිය යුතුයි... ඒ වෙනුවෙන් එන හරි හෝ වැරදි කමෙන්ට්ස් සහ ඇනෝ හෝ ඇනෝ නොවෙන කමෙන්ට්ස් දරාගත යුතු වෙනවා.... ඇනෝ කමෙන්ට් ගොඩාක් බලපාන්නේ ලියපු කෙනාට නිසා මින් ඉදිරියට ලියන්නන්ට මෙන්න මේ පණිවිඩේ දෙන්න කැමතියි....
Deleteඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න ඕනි.. පදනමක් නැති ඇනෝ කමෙන්ට් නොසලකා හරින්නත් පුරුදු වෙන්න ඕනි...
balapan me apith innawa blog liyanne natiwa awith kiyolaa wadagath deyak tibunoth commnet ekakin kiyala podi haiyak dena ayaa..eka ekage pita kasa gannawata wada reality eka enne ano magin ....
ReplyDeleteඇත්ත. ලිපියේදි කිව්වා වගේම ඇනෝ යනු නියම අදහස් දැන ගැනීමේ මාර්ගයක්. ස්තූතියි!
Deleteබ්ලොග් එහෙක ඇනෝ කමෙන්ට් පහසුකම තිබිය යුතුයි. ඒත් ඒ දෙය අපේ මිනිස්සු වැරදියට පාවිච්චි කිරීම තමයි වරද. කතිකාවතක් ගොඩ නැගීම.. එය උණුසුම් වීම.. ප්‍රශ්නයක නැහ. ඒත් කුණුහරුප කියා ගැනීම සහ පුද්ගලික කෝන්තර පිරිමහ ගැනීම අනුමත කල නොහැකියි.
ReplyDeleteබ්ලොග් වල විතරක් නොවෙයි ඕනිම තැනක තමන් වාදයකට යනවනම් හෝ මතයක් ප්‍රසිධියේ ඉදිරිපත් කරනවානම් මල් ම බලාපොරොත්තු වීම වැරදියි. ගල් ද බලාපොරොත්තු විය යුතුයි. ඒවටා බයේ පලා යාම අනුමත කලනොහැකියි.
ඔබ එක්ක එකඟයි. තමන්ගේ මතය හරි මතය ලෙස සළකා අන් අයගේ මත බැහැර කිරීම වැරදියි.
Deleteඑකිනෙකාගේ පිට කසා ගන්නා සිංහල බ්ලොග්කරුවන් ගැන නියම අදහස්/විවේචන එන්නේද ඇනෝ වෙතින් නොවේ නම් වෙන කාගෙන්ද? Ela
ReplyDeleteමමත් කාලයක් ඇනෝ ගැන වැරදි මතේක හිටියා. ඒත් පස්සේ පස්සේ මට ඇත්ත තත්වේ තේරුම් ගියා. ඇනෝ වහලා දාලා මම තමයි වීරයා කියලා ඉන්න අය වැරදියි. ඒත් පහත් මානසිකත්වයක් තියෙන අය ඇනෝ ගිහින් කුණුහරුප ලිවීම සහ තව කෙනෙක්ගේ පුද්ගලිකත්වයට පහර ගැසීමනම් කොහොමවත් අනුමත කරන්න බෑ. ඇනෝ කමෙන්ට්ස් දාන්නේ කොන්ද පණ නැති අයයි කියලා කොයි කවුරු කිව්වත් මේ බ්ලොග් අවකාශේ ගොඩක් වෙලාවට පෙරලි සිදුකළේ ඇනෝලමයි.
ReplyDeleteමේ ඉන්නේ ලොකුම ඇනෝ
Deleteකවුරු හරි කෙනෙක් මට ඔහොම කිව්වමයි :D ඇනෝලව අඳුනගන්න ක්‍රමයක් දන්නවානම් මටත් කියන්න :D
Deleteඔයාට පත ඇනෝ කෙනෙක් අඳුනගන්න ඕනි නම් පුතා යන්න කණ්නාඩියක් ඉස්සරහට.... ඔයාට පෙනෙයි තඩි ඇනෝවෙක්.... K සයන්න
Delete//ඔයාට පත ඇනෝ කෙනෙක් අඳුනගන්න ඕනි නම් පුතා යන්න කණ්නාඩියක් ඉස්සරහට.... ඔයාට පෙනෙයි තඩි ඇනෝවෙක්.... K සයන්න//
Delete:D
K සයන්න
Deleteකියන්නේ කොන සයන්නද අයියා?
K කියන්නෙ" කොනකපාල" කියන එක. කැමති විදියට ඒ වචනේ විසන්ධි කරගන්න.
Deleteවල් පූස හිතන් ඉන්නෙ සද්දෙ වහල හිටියම උඹ බේරෙයි කියලද? :D
Deleteආනෝ පුසා මාට්ටු
Deleteපූසා ද ඇනෝ ලියන්නේ
Deleteමං අහිංසක සාධාරණ පුසෙකි.අයියලා මාව ගාව ගන්න එපා ඕවට:D
Deleteපූසා මොකද ඇනෝ ඇවිත්
Deleteමං කොහොම ආවම ඔයාලට මොකද අයියලා
Deleteඇනෝ පහසුකම වැරදියට පාවිච්චි කරන්න එපා සහෝ
Deleteදැන් ඕක හරිවිදිහට පාවිච්චි කරන හැටි කියලදෙන්නකො bro
Deleteආ එහෙනං කොහොමද පාවිච්චි කරන්න ඕන අයියලා
Deleteඔය පේනවා නේද ඇනෝ ඇවිත් කරලා තියෙන මොංගල් වැඩ. ඔය වගේ මානසික ලෙඩ්ඩු නිසා තමයි ගොඩක් අය ඇනෝ බ්ලොක් කරන්නේ
Deleteදැන් ඔයා හෙන බුද්දිමත්ද අයියා
Deleteපූස් පූස් ඕක නවත්තන්න.පේනවද හිට් කවුන්ටරේ
Deleteවිවෙචකයත් හිට්ස් තම්බං කයි මෙහෙම ගිහිං
ඇනෝ පහසුකම මම නම් අනුමත කරනවා. විවාදයක් යම් හරවත් තැනකට ගෙන යන්න මින් අවකාශ සැලසෙනවා. අනික අපි කවුරුත් ඇනෝ තමයි. මොකද මම වුවත් වෙදනා නෙමෙයිනෙ. මගේ නියම නමින් නෙමේනෙ මම ඉන්නෙත්. ඒත් ඇනෝ තමයි. මේක අපේ ජීවිතේ නෙමෙයි. ලිව්වා එන කමෙන්ට් එකකට උත්තර දුන්න. බැහැ කියලා හිතුනොත් නිකා හිටියා. වෙන මොනවද?
ReplyDeleteඔයාලා මේ ලියන ඒවා පොඩි ලමයි වගේ. නැත්තම් ඔයාලට මානසික ලෙඩක්. අරයා රංඩු උනා කියලා ඔයා ලියනවා. තව කට්ටියක් අරහේ ලිංගික කතා ලියනවා. මොහොතකට හිතලා බලන්න. ඔයාලාගේ කතා හරිම මෝංගල් බෘල කතා. මෙහෙම යනකොට බ්ලොග් තියෙන අශාව නැති වෙලා යනවා. අවු 5 පහල පොඩි උන් නටන බිමක් වගේ ලාංකීය සිතුවිලි අඩිවිය.
ReplyDeleteමොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න මහත්තයෝ.
වෙදාට මොකද.එයාම ඇවිත් බ්ලොග් එකේ ඇනො කමෙන්ට්ස් දාලා එයාම උත්තර දෙනවා. අර මෝඩ මාරයයි ගිම්හානියි වෙදාට පුක දෙනවා
Deleteමගේ යාලුවෙක් ඉන්නවා. සිංහල බ්ලොග් කියවන හා ඇනෝ කමෙන්ට් කරන.(ප්‍රොෆයිල් එකක් නැති නිසා) මිනිහාට දේශපාලනය හා ලෝකය ගැන ලොකු අවබෝධයක් තියෙනවා. කියන්න වැදගත් යමක් නැත්නම් ලේසියකට කමෙන්ට් කරන්නෙත් නෑ.
ReplyDeleteඉතින් ඇනෝ බ්ලොක් කළොත් එවැනි වටිනා ඇනෝලත් නැතිවන බව අමතක කරන්න එපා.
අවුල තියෙන්නෙ ඇනෝ පහසුකමේ නෙමෙයි එය පාවිච්චි කරන්නන්ගෙ..ඒ අයගේ ආකල්ප යහපත් වෙනවානම් හරි..
එල මල්ලී එල. ඇනෝට සපෝට් දෙනවාට පිං
Deleteඒත් උඹේ පොර ටෝක් නවත්තපිය
Hari, The idea of your comment is important!
Deleteඅපි ඇනෝට, ඇනෝ අපිට!
ReplyDeleteඑහෙම කිව්වට මෙයා ඔයත් මාව බ්ලොක් කරලනෙ
Deleteපව් නේද
මරු ආතල් කතාව ඕයි
Deleteඒ පාර ඇනෝ ඕපන් කලාද?
Deletegood good :-)
ලිපියට බොහොම ස්තුතියි.මා පුර්ණකාලීන අනොනිමසෙයෙක්.මා බ්ලොග් ලියන්නේ නැහැ.මා නම් ප්‍රතිපත්තියක් වශයෙන් කුණුහරුප ලිවීම සහ පුද්ගලික මඩ ගැසීම් කරන්නේ නැහැ.මටනම් ඇනෝ කෙනෙක් ලෙස පෙනී සිටීමට බලපාන හේතු තියෙනවා පළමු කාරණය මා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වීම.එනිසා මාහට යම් යම් සීමා වලට යටත්වීමට සිදුවේ.අනිත් අතට මා කුමන අයුරින් හෝ ප්‍රසිද්ධියට ප්‍රිය නොකිරීම තවත් හේතුවකි.කොන්ද සම්බන්දව මට නම් ගැටලුවක් ඇත මන්දයත් යුද ගැටුමකදී එය බිදී ගීය නිසා.නමුත් එය ලිවීම සඳහා බාදාවක් වී නැත.
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ මේකම තමා. ඉඩතියන වෙලාවට බ්ලොග් බැලුවට, ඊට පිටින් ජීවිතයක් තියනවා. මගේ මත වලට මිසක්, මට කවුරුත් පොද්ගලිකව පහර දෙනවට මම කැමති නෑ.
Deleteඒ නිසා මමත් 100% ඇනෝ තමා
තෝ හෙන බොරු කාරයෙක්, අපි දන්නැති ආමි මේජර් ඇනෝ, තොට කොහෙද බොල කැඩෙන්න කොන්දක් තිබුනෙ, තෝත් දන්නැති සින්හල වැරදි හදන්න ට්‍රය් කොරනවා දැක්ක අනුන්ගෙ බ්ලොග් වල.
Deleteකොච්චර කිව්වත් මන් ඔය ඇනෝ වැඩේට කැමති නැහැ ඒකට ලොකුම හේතුව කුණුහරුප. ඕනෑම බ්ලොග් එකක් ලියන කෙනෙක් මුලින් ඇනොලට අවස්ථාවක් දෙනවා මමත් එහෙම කරා මොකද මම මඩ කියන එකට බය නොවී හිටිය නිසා එත් අන්තිමට උනේ ඇනොලට මන් ලියන කියන දේවල් බලන් ඉන්න බැරිවුණා. එක එතනින් එහා මන් ඇනෝ කමෙන්ට් අයින් කරා එතැනදී වැරැද්ද ගත්තේ ඒ ගොල්ලෝ ඉතින් ඇනොල හොඳ වෙන්නේ කොහොමද? අනොලගෙන් හොඳ විචාර හම්බවෙන්න පුළුවන් එත් බහුතරය ඉන්නේ ළදරු අතල් ගන්න අසහන කරා පිරිසක් කියල ඒ ගොල්ලොම ඔප්පු කරලා ඉවරයි
ReplyDeleteane patiyoo oya nam naughty man anith unge ewata decnt commnet danawa ath oyage ewata danne nam tikak naughty comment..mawa mathakada man ara 7 wasare malli baba hik
Deleteඑතකොට ඔයා ඇනෝ නෙමේද “වෛශ්‍යාවක් නොවේ“ ?? ඔය ඔයාගෙ ඇත්ත නමද? අනේ මේ.. නිකං ගොං කතා නොකිය ඉන්නව. කවුද දන්නෙ “වෛශ්‍යාවක් නොවේ“ profile එක පිටිපස්සෙ ඉන්නෙ මොකෙක්ද කියල?
Deleteවෛශ්‍යාවක් නොවේ ලියන්නේ අර වලත්ත පොඩි මෑන් බන්
Deleteකොච්චර කිව්වත් මන් ඔය ඇනෝ වැඩේට කැමති නැහැ ඒකට ලොකුම හේතුව කුණුහරුප.
Deleteඑතකොට ඔයා ලියන්නේ කුනුහරුප නොවේද ඔයා ලියනවා වගේ කතා බ්ලොග් අවකාශේ කිසිම එකෙක් ලියන්නේ නෑ. අනිත් එක ඔයාගෙ බ්ලොග් එක සිංඩි වලට අරගෙනත් නෑ නේද
පොඩි මෑනො දැන්වත් ඔය ගොන් ආතල් නවත්තපිය. තොට කෙල්ලෙක් වගේ ඉන්න ඕනෙනම් තොගෙ එක කපා දෙන්නද කතුරකින්
Deleteතෝ එහෙනම් බූරු ගෑණි(ගෑණියෙක් නම්) කුනුහබ්බ ලියන්නෙ ඇයි?උබ කුනුහබ්බ නම් ලියන්නෙ කුනුහබ්බම බලපොරොත්තු වෙයන්.කලිනුත් මම කියල ඇති,තොගෙ බ්ලොග් එක බ්ලොග් එකක් නෙවෙයි කක්කුස්සියක්.තෝ යන යන තැන ගූ පාරක් ගහල හැමතැනම ගද ගස්සනො.උඹට ලිවීම සම්භන්ධ මෙලෝ හසරක් නෑ.
Deleteඇනෝ කමෙන්ට් ගැනනම්,බ්ලොග් ලියන්නෙ සීමිත පිරිසක් උනාට බ්ලොග් කියවන්නෙ අති විශාල පිරිසක්,නැත්නම් ලක්ශ ගනන් හිට්ස් ලැබෙන්න විදියක් නෑනෙ.ඒ මොහොතෙ ඒ දුක/සතුට විදල යන පිරිසක් ඉන්නෙ.සමහර කාරණා වලට පමනයි එයාල කමෙන්ට් කරන්නෙත්.ඉතින් එහෙම කෙනෙක් නිකන් මේ තමුන්ගෙ නමෙන් බ්ලොග් හදන් අයිඩී හදන් කමෙන්ට් කර කර ඉන්නොන නෑ.මුනීච්චාවට දේවල් නෙවෙයි,අමු ඇත්ත තමා ඇනෝ කමෙන්ට් වලින් එලියට එන්නෙ.සමහරු බය ඒ දේට.ලිපියක් ලියනකොට තමුන්ගෙ මතයකුත් තීනවනෙ ඒ සම්භන්ධව,අන්න ඒ මතේට විරුද්ධව මත ප්‍රකාශ වෙයි කියන බය, අනුන්ගෙ මතේට තීන බය.රැඩිකල් ලියනවනම් රැඩිකල් අදහසුත් බලාපොරොත්තු වෙන්න
මන් ඇනෝ නෙමේ. මන් ගැන හුඟක් අය දන්නවා. හොඳයි මන් අහනව මගේ ඇත්ත නමින් මන් එලියට අවොත් ඔය හංවඩු ගැහිල්ල නතර වෙනවද? අපහාසයෙන් කතා කරන එක නවතීද මට ලේබල් ගහන එක නවතීද? හරි එහෙම වෙන්නේ නැතිව සාමාන්‍ය විදිහට කුණුහරුප නැතිව විවේචනාත්මක දේවල් විතරක් තියෙයිද අන්න ඒක ගැන මට සහතිකයක් දෙන්න පුලුවන්නම් මන් අද හරි මගේ හරි නමින් ඇවිත් කියනව
Deleteඅනික සින්ඩි වලට අරන් නැහැ කියන්නේ කවුද ඔයද එහෙනම් වැරදිලා මේක සින්ඩියේ තියෙනවා සින්ඩිවලට දන්නා බලාගෙන ලියන්නේ හිට්ස් හොයන අය මිස අපි වගේ ඇත්ත කතා කරන එවුන් නෙමේ
Deleteකතාකරන විදියෙන්ම උඹ දෙකටම නැති එකෙක් වග පේනවා. හිට්ස් වැඩි කරගන්න ගෑණු වෙන්න එපා බොල. තොගෙ පඩංගුව බලන්න අපි එන්නේ නෑ.
Deleteහැමදේක ම දෙපැත්තක් තියෙනවා. ඉතිං ඇනෝ කමෙන්ට්ස් නරකයි කියන්න බෑ. මාතෘකාව ට අදාළ ව, වැදගත් විචාර තියෙන ඇනේ කමෙන්ට්ස් බාරගන්න ඕනේ. ඒක බ්ලොග් ලියන කෙනාගේ මතය ට එකඟ වෙන්න ම ඕනෙ නෑ. මොකද ඕන ම මතයක ට ඉඩක් දිය යුතු නිසා. ඒත් ඒ නිදහස අයුතු විදිහ ට පාවිච්චි කරන එකයි වැරදි. ටිකක් විවාදාත්මක ලිපියක් ලිව්වොත් ඇනෝලගේ විකාර කමෙන්ට්ස් වරදින්නේ නෑ. මාතෘකාව ට අදාළ නැති කමෙන්ට්ස් දාලා මෝඩ ශෝ දාන එක නම් අනුමත කරන්න බෑ. අන්න ඒ ක්‍රමයයි වෙනස් කළ යුත්තේ...
ReplyDelete~~~**දඟ මල්ල**~~~
හාහා අපි මෝඩ ශෝ. ඔයා දඟද? පොඩ්ඩක් දඟ කරමුද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවලියක් යෑමත්, වලිය වවං කෑමත් දෙකම මෝස්තරයක් වී ඇත. බ්ලොග් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා වැටහීමක් ඇතිව ලියනවා නම් ප්‍රශ්ණ නෑනේ.
ReplyDeleteඇනෝලා ඉන්න ඕනේ. එහෙම කියලා අසභ්‍ය දේවල් නම් අනුමත කරන්න බෑ. හරවත් සංවාදයකට ඇනෝ කමෙන්ට් අත්‍යාවශ්‍යයි. බ්ලොග් රචකයා අන් අදහස් පිළිගත්තා හෝ නොගත්තා තමන්ගේ මතේම එල්ලිලා ඉන්නෙ නැතුව පාඨකයන්ටත් කන් දෙන්න ඕනේ. ඇනෝලත් පොඩ්ඩක් සභ්‍ය විදියට (දැන් මේ වචනෙත් වැරදිද මන්දා...) කමෙන්ට් කරන්න ඕනේ. පොඩි එකෙක් ඔය වගේ බ්ලොග් එකක් කියෙව්වොත් දෙයියන්ගේ පිහිටයි.
සයිබර් අවකාශය කියන්නේ සමාජයේ පැතිකඩක්. එක එක ජාතියේ අය ඉන්නවා. ඒත් මම විශ්වාස කරන්නේ බ්ලොග් එකක් ලියන්නේ කියවන්නේ තරමක් හරි දැනුමක් තේරුමක් ඇති අය කියලා. අනෙක් හැම තැනම වගේ මෙතනත් මඩ කරගන්න එක හරි නෑ නේද ?
බුවා කිව්වා වගේ, විවාදෙට යන්න බය නම් ඒ වගේ දේවල් පළ නොකර ඉන්න ඕනේ. බ්ලොග් වලින් කෙරෙන්න ඕනේ වචන වලින් ගහගන්න එක නෙවෙයි...
http://pitakotuwa.wordpress.com/2011/03/21/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B6%B4-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94/
ReplyDeletehttp://pitakotuwa.wordpress.com/2011/05/29/%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A-%E0%B6%94%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%AF-%E0%B6%B8%E0%B6%82-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1/
කියන්ට කිසිත් නොමැත සියළු කරුණු හා එකඟවෙමි. මුලින්ම දනගන්න ඕන බ්ලොග් කියන්නේ මොකක්ද. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියන එක. අනික අපි කොහොමද මාධ්‍ය නිදහසක් ගැන කතා කරන්නේ. ඇනෝලට ඉඩක් දෙන්නේ නැතුව.. කුණුහබ්බ අවශ්‍ය තැණුත් තියෙනවා අනවශ්‍ය තැනුත් තියෙන්වා. ඉතින් ඒවා පාලනයටත් මේකේ පහසුකම් තියෙන්වානේ. ප්‍රධාන හේතුව මනුෂ්‍යා කියන සත්වයා ක්‍රිටිසිසම් වලට එහෙම නැත්නම් රුදුරු විවේචනයට කැමති නැති වීම. නමුත් මගේ මතයනම් අගය කිරීමට වඩා වඩින්නේ හෙලාදැකීම්. ඒකේ සාධාරනවත්වය, විවේචකයා, විවේචනයට බදුන් වන්නා සහ විවේචන කියවන්නා හෝ සවන් දෙන්නා අනුව සාපේක්ෂයි..
ReplyDeleteඑකඟ වෙමි.. වෙන කියන්න නම් දෙයක් නැත..
ReplyDeleteඇනෝලාට ජයවේවා!
ReplyDeleteමමත් ගොඩක් වෙලාවට ඇනෝ අදහස් දානව. ප්‍රොපයිල් ඇර ඇර ඉන්න බෑ හැම වෙලේම.
අනෙක් බ්ලොක් ලියන අය කුණුහබ්බ ලියනවනම්, කියවන එවුන් කුණුහරුප ප්‍රතිචාර දැක්වීම ගැන කලබල වීම තේරුමක් නෑ.
විවාදාත්මක දෑ ලියන්නේ නම් විවාදාත්මක ප්‍රතිචාර බලාපොරොත්තු වන්න!
ReplyDeleteඇනෝ කමෙන්ට් තිබිය යුතුමයි ඔය හැමෝම කියලා තියෙන හොඳ හේතු මත. කවුරු හරි කුනුහබ්බ ලිව්වොත්..දැකපු ගමන් ම මකලා දමන්න පුළුවන් නේද? කමෙන්ට් එකේ හරිම අර්ථය එන්නෙ ඒ කියන කුනුහබ්බය නිසාම නම් ඒක තියෙන්නෙ හැරියම මොකද වෙන්නෙ ? මට ඔන්න ඔහොමයි හිතෙන්නෙ..
ReplyDeleteඇනෝලා ගැන ඔබේ අදහසට මාත් එකග වෙනවා.ගොඩක් ප්‍රසිද්ද බ්ලොග් වල පෝස්ට් එකක් වැටුනම ඒ දවස ඇතුලත කොමන්ට් 100ක් විතර වැටෙනවා.ඒ හැම එකකම වගේ තියෙන්නේ එකේ සිට මම එක,මරු,ඇත්ත තමා.සහ පෝස්ටුවට කිසි සේත්ම සමානතාවයක් නොමැති පිට පැනපු අදහස්.ඒත් එක්කෙන්ක්ට හරි ඒ පෝස්ටුව පිලිබදව වෙනමම ආකාරයේ අදහසක් ආවම ඒගොල්ලෝ බයයි කෙලින්ම ඒක කියන්න මොකද අර ඔහේ කොමන්ට් දාන එම අඩවියේ රසිකයන්ගෙන් ඔහුට හොද හැටි අහගන්න වෙයි කියලා ඒක නිසා එහෙම අදහස් පිට කරන්න ගොඩක් අය කරන්නේ ඇනෝ කොමන්ට් දාන එක මන්නම් ඒ පිළිබද වැරද්දක් කොහෙත්ම දකින්නේ නැහැ.ඒත් අර කුණු හරප කියන පහත් මානසික පිරිසක්ද ඒ අතර ඉන්න එක නම් ඇත්තටම් කනගාටුවට කරුණක්.
ReplyDelete